පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කඩිනමින් සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුනහොත් බරපතළ සෞඛ්‍ය සංකූලතාවලට මුහුණදීමේ අවදානමක් පවතින බව ඔහුගේ නීතිඥවරයා අනතුරු අඟවා තිබේ.
ඉම්රාන් ඛාන් මොළයේ රුධිර වහනයකට හෝ හෘදයාබාධයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ඔහුගේ ප්‍රධාන නීතිඥ බැරිස්ටර් සල්මාන් සෆ්දාර් ප්‍රකාශ කර ඇත.
එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය දැනුවත් කළ බවත්, දෙදෙනාම රෝහල්ගත කර ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් මගින් පරීක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් ඔහු පවසා තිබේ.
නොවැම්බර් 1 වැනිදා ඉම්රාන් ඛාන්ගේ රුධිර පීඩනය 192 දක්වා ඉහළ ගොස් තිබූ බව ද නීතිඥවරයා සඳහන් කර ඇත.
මේ අතර, බුෂ්රා බීබීගේ ඇස් පෙනීම දුර්වල වීම සම්බන්ධයෙන් ද නීතිඥවරයා සිය කනස්සල්ල පළ කර තිබේ.



