Homeදේශීයනායකයන්ට අභිමතය පරිදි පමණක් බලය පාවිච්චි කිරීමට හැකියාවක් නෑ

නායකයන්ට අභිමතය පරිදි පමණක් බලය පාවිච්චි කිරීමට හැකියාවක් නෑ

ශ‍්‍රී ලංකා නීතිඥ සංගම් ශ‍්‍රවණාගාරයේදී නීති සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුවේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ජනතා නියෝජිතයන්ගේ බලතල, අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සහ නීතිඥ වෘත්තියේ ගෞරවය හා වගකීම පිළිබඳව වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට ලක් වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දුන්නේ මෙරට ජනතාව විසින් ව්‍යවස්ථාදායකයට සහ විධායකයට පත් කරගන්නා නායකයන්ට තම අභිමතය පරිදි පමණක් බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බවයි.

ජනතා නියෝජිතයන් සිය බලය භාවිතා කළ යුතු ආකාරය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇති බවත් ජනතාවගේ යහපත පිණිස සිදු කරන්නේ යැයි පැවසුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බලය භාවිතා කිරීමට ජනතා නියෝජිතයන්ට කිසිදු හැකියාවක් නොමැති බව එතුමා අවධාරණය කළේය.

ජනතාවගේ අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විනිසුරුවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද, මුක්තිය සහ බලතල පිළිබඳ අවස්ථාවන්හිදී පමණක් පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය තනිව භාවිත කළ හැකි බවයි.

එම සුවිශේෂී අවස්ථා හැරුණු විට සත්‍ය වශයෙන්ම සෑම අවස්ථාවකදීම ජනතාවගේ අධිකරණ බලය ක‍්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති අධිකරණයක් හෝ විනිශ්චය සභාවක් මාර්ගයෙන් පමණක් බවත් අධිකරණය තුළ ඍජු ජනතා නියෝජනයක් නොමැති බැවින් එම වගකීම ඉටුකිරීමේදී නීති ක්ෂේත‍්‍රයේ පාර්ශ්වකරුවන් ලෙස සැවොම කොටස්කරුවන් විය යුතු බවද පෙන්වා දෙන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments