Homeදේශීයපාර්ලිමේන්තු සේවකයෝ රජයෙන් ඉල්ලන ඉල්ලීම

පාර්ලිමේන්තු සේවකයෝ රජයෙන් ඉල්ලන ඉල්ලීම

නිලධාරීන් ඇතුළු පාර්ලිමේන්තු සේවකයන්ට පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී ගෙවනු ලබන ප්‍රවාහන දීමනාව ( TRANSPORT ALLOWANCE ) ජීවන වියදම සැලකිල්ලට ගෙන වැඩි කර දෙන ලෙස එහි සේවකයෝ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ රජයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරති.

පාර්ලිමේන්තු සේවකයන්ට වසර 15 කට ආසන්න කාලයක සිට ප්‍රවාහන දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 750 ක සොච්චම් මුදලක් පමණක් බව සේවකයෝ පෙන්වා දෙති.

ඈත දුර බැහැර ප්‍රදේශවලට යන සේවක සේවිකාවන් රැසක් සිටින හෙයින් ඔවුන්ගේ ප්‍රවාහන වියදම් සපුරා ගැනීම වෙනුවෙන් මෙම දීමනාව ගෙවනු ලබයි. වර්තමාන ප්‍රවාහන වියදම් සැලකිල්ලට ගැනීමේදී එම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුහු සඳහන් කරති.

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල රාත්‍රී වනතුරු සිටියද ලැබෙන්නේ මෙම දීමනාව පමණක් බව කියන සේවකයෝ පාර්ලිමේන්තු සේවකයන් අතිකාල දීමනා පවා නොලබන පිරිසක් බවද පවසති.

පාර්ලිමේන්තු සේවකයන්ට අවුරුදු ගණනාවක සිට ලැබුණු නිවාඩු හිලව් දීමනාව (LEAVE ENCASHMENT) ඇතුළු දීමනා රැසක් කප්පාදු කර තිබෙන අවස්ථාවක මෙම දීමනාව හෝ වැඩි කරන ලෙස සේවකයෝ ජාතික ජන බලවේග රජයෙන් ඉල්ලා සිටිති.

රැස්වීම් දීමනාව වැඩිකර දෙන ලෙස පාර්ලිමේන්තු වෘත්තිය සමිති කිහිපයක්ද පසුගියදා එහි ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ගේ රැස්වීම් දීමනාව වහා වැඩිකර දිය යුතු බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක්ද පිළිගෙන ඇතැයි වාර්තාවේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments