ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ දීමනා සහ වැටුප් කප්පාදුව ඇතුළු ගැටලු රැසකට ඉදිරි අයවැයෙන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.
ඒ අනුව සියලු දිස්ත්‍රික් ශාඛා සමිති නියෝජනය කරමින් සාමාජික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම විරෝධතාව හේතුවෙන් රෝහල් කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොවන බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



