Homeදේශීයලෝක වෙළඳපලේ බොරතෙල් විශාලතම මිල පහත යාමක්.

ලෝක වෙළඳපලේ බොරතෙල් විශාලතම මිල පහත යාමක්.

අමෙරිකා – ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල පසුගිය සතිය තුළ සියයට 16කින් පමණ පහළ ගොස් ඇති අතර, එය 2020 වසරෙන් පසු සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම බවයි.

එමෙන්ම බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් මිල ද සතියක් තුළ සියයට 12කින් පමණ පහත වැටී තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න අගයක පැවති බව සඳහන්.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බොරතෙල් මිල මෙලෙස පහත වැටීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බවයි.

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් අවසන් වනු ඇති බවට වෙළෙඳපොළ තුළ ඇතිවී තිබෙන අපේක්ෂාව ඉන් එක් කරුණක් වන බව සඳහන්

තවද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ සිට ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් සැපයුම යම් ප්‍රමාණයකින් ඉහළ යාමද මිල පහත වැටීමට බලපා ඇති බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments