Homeදේශීයඉතිහාසයේ පළමු වතාවට කතානායක,සභානායක ආණ්ඩු පක්ෂ සංවිධායක සභාවේ නෑ.

ඉතිහාසයේ පළමු වතාවට කතානායක,සභානායක ආණ්ඩු පක්ෂ සංවිධායක සභාවේ නෑ.

පාර්ලිමේන්තුව රැස්වෙන දිනවල කථානායක සභානායක වැනි ධූර දරන්නන් සම්ප්‍රදායක් ලෙස පාර්ලිමේන්තු නොපැමිණීමක් සිදු නොවේ.

මෙම පාර්ලිමේන්තු සතියේ දශක ගණනාවක් පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩවෙමින් දින දෙකක් කතානායකවරයා මුලසුනට පැමිණියේ නැත.විදේශ සංචාරයක් හෝ නොවැළැක්විය හැකි රාජකාරි කටයුත්තක් නොතිබූ පසුබිමක කථානායකවරයා මුලසුනට නොපැමිණීම විශේෂත්වයකි.

මෙම තත්ත්වය වඩාත් විශේෂිත වූයේ සිකුරාදා දිනයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,
සභානායක අමාත්‍ය බිමල් රත්නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් තිදෙනාම පාර්ලිමේන්තු සභාවේ නොසිටීමයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ආචාරධර්ම සහ රීතිවල සඳහන් කරුණු කුමක් වුවද සම්ප්‍රදායට ගරු කිරීම සහ සම්ප්‍රදායන් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ චිරාත් කාලයක් සිදු කෙරුණු කටයුත්තකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments