Homeදේශීයශ්‍රී ලංකන් ගුවන් යානා 23, සේවකයන් 7422යි.වැටුප් දීමනා මිලියන 30531

ශ්‍රී ලංකන් ගුවන් යානා 23, සේවකයන් 7422යි.වැටුප් දීමනා මිලියන 30531

මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයවන ගුවන් යානා සංචිතයේ ඇති මුළු ගුවන්යානා සංඛ්‍යාව 23ක් බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

ඒ පාර්ලිමේන්තුවේදී රවී කරුණානායක මන්ත්‍රීවරයා අසන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමස්ත කාර්ය මණ්ඩලය 7422කි.

ඉන් 5345 ක් ස්ථිර කාර්ය මණ්ඩලයට අයත් වෙයි.

2025/2026 මුළු වැටුප් සහ දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 30,531ක් වැයකර ඇත.

2023/2024 වසරට සාපේක්ෂව වැටුප් සහ දීමනා වෙනුවෙන්
රුපියල් මිලියන 4365ක් වැඩිවී ඇත.

එක් ගුවන් යානයක් සඳහා සේවයේ යොදවා ඇති කාර්ය මණ්ඩලය 126කි.

එමිරේට්ස්,කටාර් එයාවේස්,සිංගපෝ එයාලයින්ස්,තායි එයාවේස් කැතේ පැසිෆික් ගුවන් සේවයන්ට සාපේක්ෂව එක් ගුවන් යානයක් සඳහා සේවයට කාර්ය මණ්ඩලය අඩු ප්‍රමාණයක්
යොදවා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments