2025 වර්ෂය තුළ ශ්රී ලංකාවේ වාර්තා වී ඇති වන අලි මරණ සංඛ්යාව 455කි.
එම වසරේ මිනිස් මරණ 160 ක් වාර්තා වන අතර,ශාරීරික හානි සිදුව ඇති ප්රමාණය 211කි.
මේ වන විට පවතින විදුලි වැටවල මුළු දිග කිලෝමීටර 5387.89 ක්.
මෙම තොරතුරු අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය එල්.එම් අබේවික්රම මහතා විසින් අසන ලද ප්රශ්නයකට පරිසර අමාත්යවරයා ලබා දුන් පිළිතුරක.
2024 වසරේ වාර්තා වන වන අලි මරණ සංඛ්යාව 388කි.
වන අලි මරණ වැඩිම සංඛ්යාවක් වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්රික්කයෙනි.
ඒ ප්රමාණය 75 කි.
වැඩිම වන අලි මරණ සිදුව ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාශය වන්නේ දිඹුලාගලයි.එම ගණන 23කි.
2024 වසරේ වන අලි පහරදීමෙන් සිදුව ඇති මිනිස් මරණ සංඛ්යාව 155 කි.
වැඩිම මිනිස් ජීවිත ප්රමාණයක් අහිමිව ඇත්තේද පොළොන්නරුව දිස්ත්රික්කයෙහි වන අතර ඒ ගණන 21 කි.වැඩිම මරණ සංඛ්යාවක් වාර්තා වන ප්රාදේශීය ලේකම් කොට්ඨාශය දිඹුලාගල වන අතර එම ගණන 7කි.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ වන අලි මරණ හැට හතක් සහ මිනිස් මරණ පහක් වැඩි වී ඇත.



