Homeදේශීයතායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නොදුන්නේ ඇයි?

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නොදුන්නේ ඇයි?

මිහින්තලය මිහිඳු මහ සෑයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගී වූ තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ,තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනිය වන සුපජී සුතුම්පුන් (Suphajee Suthumpun) මෙරටට පැමිණි අවස්ථාවේදී රජය ක්‍රියා කළ ආකාරය විදෙස් ප්‍රතිපත්තියේ අපරිණතභාවය යළිත් පෙන්නුම් කිරීමක් බවයි.

නිල හෝ පෞද්ගලික සංචාර සඳහා මෙරටට පැමිණෙන විදේශීය නායකයන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීම සම්ප්‍රදායක් බවද ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments