ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස වෛද්‍ය හේමමාල් ජයවර්ධන පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.
තතුදත් ආරංචි මාර්ග පවසන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඇති වූ බෙදීමක් මත මෙම තීරණයට එළැඹී ඇති අතර එහිදී වෛද්‍ය ජයවර්ධන සහ ආචාර්ය ජෙහාන් පෙරේරාට ඡන්ද හතර බැගින් හිමි විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අජිත් පී පෙරේරා, එස් ශ්‍රීදරන් සහ සිවිල් සමාජ නියෝජිත ඔස්ටින් ප්‍රනාන්දු ආචාර්ය ජෙහාන් පෙරේරාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සභානායක බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබුකර් ආතම්බාව සහ සිවිල් සමාජ නියෝජිත වසන්තා සෙනෙවිරත්න වෛද්‍ය ජයවර්ධනට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
සිවිල් සමාජ නියෝජිත රංජිත් ආරියරත්න ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
ඡන්ද සම වීමත් සමග කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෛද්‍ය ජයවර්ධන මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස ඔහුගේ අනුමැතියට මග පාදා දෙමිනි.



