Homeදේශීයඉස්ලාම් දහමට අපහාස කළ බවට නඩුවට ඥානසාර හිමියන්ට වරෙන්තු

ඉස්ලාම් දහමට අපහාස කළ බවට නඩුවට ඥානසාර හිමියන්ට වරෙන්තු

ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන සිද්ධියකට ‍චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද වරෙන්තු නිකුත් කළා.

ඒ, ‍එම හිමිනම අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අංක 09 අධිකරණයේ මෙම අධිචෝදනා ගොනුකරනු ලැබ තිබුණා.

එම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමකදී ද ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී ද ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අභියාචනාධිකරණයද එම හිමියන්ට වරෙන්තු නිකුත් කළා.

පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

හෙට විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments