Homeදේශීයඅධිවේගී මාර්ග ණය ගෙවන්න අවුරුදු 171කට වැඩිය යයි.

අධිවේගී මාර්ග ණය ගෙවන්න අවුරුදු 171කට වැඩිය යයි.

මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සදහා ලබාගෙන ඇති ණය පියවීම, එම අධිවේගී මාර්ග පද්ධතියෙන් ලැබෙන ආදායමෙන් සිදු කරනවා නම්, ඒ සදහා තවත් වසර 171 කට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බව විගණනයකින් අනාවරණය වී තිබේ.

මෙතරම් දීර්ඝ කාලයක් ගතවනු ඇත්තේ පොලී සහ අනෙකුත් ගෙවීම් රහිතව මුල් ණය පමණක් ගෙවීමටයි.

මෙරට අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සදහා දේශීය සහ විදේශීයව ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 611.37 කි.

අධිවේගී මාර්ග පද්ධතියෙන් වාර්ෂිකව ලැබෙන ශුද්ධ ලාබය රුපියල් බිලියන 3.56 කි.

2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර හතරයි මාස නවයක කාලසීමාව තුළ අධිවේගී මාර්ග පද්ධතියේ ප්‍රවේශ පත්‍රවලට අදාළව සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් බිලියන 4.614කට අධික ආදායමක් අහිමි වී ඇති බව ද එකී විගණනයෙන් අනාවරණය වී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments