ශ්‍රී ලාංකේය ප්රජාතන්ත්රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම කොළඹදී. සිදු කෙරිණි.
වත්මන් රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තජනයක් එල්ල වන බවත්, වසර 80 ආසන්න කාලයක් ආරක්ෂා කළ නියෝජිත ප්රජාතන්ත්රවාදය අහෝසි වී යාමේ අවදානමකට මඟ පෑදීමේ පැහැදිලි ඉඩක් සකස්විය හැකි බවත් අවධාරණය කරමින් මෙම ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබුණි.
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා, ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් එක්සත් සාමුහිකයක් ලෙස පෙළ ගැසෙමින්, සිය කැපවීම ප්‍රතිඥාවක් මගින් මෙහිදී ප්‍රසිද්ධියට පත් කෙරුණි.



