Homeදේශීයටින් මාළු උපරිම සිල්ලර මිල ගණන් අද සිට.

ටින් මාළු උපරිම සිල්ලර මිල ගණන් අද සිට.

දේශීය ටින් කළ මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් කිසිම දේශීය සාදන්නෙකු. අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් පහත සඳහන් කර ඇති ටින් කළ මාළු වර්ග පහත සඳහන් උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් නියම කරනු ලබන බවයි.

ඒ අනුව ග්‍රෑම් 155ක ටූනා ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 220ක් ලෙස නියම කර තිබෙන අතර ග්‍රෑම් 425ක ටූනා ටින් එකක උපරිම මිල රුපියල් 510ක් වන අතර, ග්‍රෑම් 155ක මැකරල් ටින් එකක් රුපියල් 240කට අලෙවි කළ යුතුයි.

එමෙන්ම ග්‍රෑම් 425ක මැකරල් ටින් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 540ක් ලෙස නියම කර තිබෙනවා.

ජැක් මැකරල් ග්‍රෑම් 155ක ටින් එකක් රුපියල් 260කටත්, ග්‍රෑම් 425ක ටින් එකක් රුපියල් 600කටත් අලෙවි කළ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන්.

මෙම නව උපරිම සිල්ලර මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments