Homeදේශීයපොල් වගාවට වැඩිම හානිය දඬු ලේනාගෙන්

පොල් වගාවට වැඩිම හානිය දඬු ලේනාගෙන්

සත්ත්ව හානි හේතුවෙන් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන දෙසීයකට පමණ හානි සිදුවන බව පොල් පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි.

එහි සභාපති මහාචාර්ය අජිත් ජයවීර පවසා සිටියේ පොල් වතු ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ එක් වගා භූමියක සියයට පහත් හතත් අතර ප්‍රමාණයක ඵලදාවක් සත්ත්ව හානියට ලක්වන බවයි.

මෙලෙස දඬුලේනා, රිළවා, වඳුරා වැනි සතුන්ගෙන් පොල් ඵලදාවට විශාල හානියක් සිදුවන අතර ඌරා, ඉත්තෑවා වැනි සතුන් පොල් වගාවට හානි සිදුකරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් වාර්ෂික පොල් ගෙඩි අවශ්‍යතාව පොල් ගෙඩි මිලියන තුන්දහසක් වන නමුත් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන දෙසීයක් සත්ත්ව හානියට ලක්වීම සහ තවත් කරුණු හේතුවෙන් තවමත් එම ඉලක්කයට ඒමට නොහැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා පවසා සිටියේ පොල් වගාවට වැඩිම හානිය දඬු ලේනා හේතුවෙන් සිදුවන බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments