Homeදේශීයපිටි මිල ඉහළ යාමත් සමඟ ආහාර මිලත් ඉහළට

පිටි මිල ඉහළ යාමත් සමඟ ආහාර මිලත් ඉහළට

සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබේ.

අදාළ මිල වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක බව එම සමාගම් පවසයි.

රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම මිල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කරන්නේ.

අද උදෑසන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු රොටි, පරාටා සහ කෙටි ආහාර ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල ගණන් ඉහළ යනු ඇති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments