රටේ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මතුව ඇති කරුණු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද සවස කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
විශ්‍රාම කාලය දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කරමින් රජය විසින් ගැසට් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනට අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව එම සංශෝධනයට නීතිඥ සංගමය විරෝධය පළ කිරීමට මූලිකව බලපාන කරුණු ලිඛිතව හා වාචිකව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට
නීතිඥ සංගමය සැලසුම් කර ඇත.
මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම හා ඒ සඳහා බලපා ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව දෙපාර්ශවය විසින්ම පොදු එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව අධිකරණ අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.



