හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරයෙකු වන සීවලී අරුක්ගොඩ, ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
රජයේ ප්‍රධාන ආදායම් උපයන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කටයුතු, ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශ මගින් සිදු කෙරේ.
හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ වසර 37 ක කාලයක් ශ්‍රී ලංකා රේගුවේ විවිධ තනතුරුවල සේවය කළ නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.



