Homeදේශීයවිශ්‍රාම වයස දීර්ඝ නොකරත්,අවුරුද්දක් ඇතුළේ නඩු මිලියනයක් විසඳිලා.

විශ්‍රාම වයස දීර්ඝ නොකරත්,අවුරුද්දක් ඇතුළේ නඩු මිලියනයක් විසඳිලා.

මේ දිනවල කඩිනමින් නඩු විභාග කර අවසන් කිරීම පිළිබඳව සමාජය තුළ බරපතළ කතාබහක් ඇතිව තිබේ.

ඒ උපරිමාධිකරණ සහ අනෙකුත් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ පක්ෂ සහ විපක්ෂ ලෙස බෙදීමක් ඇතිවීම හේතුවෙන්.

එහිදී,ආණ්ඩු පාර්ශ්වයේ මූලිකම තර්කය බවට පත්වී ඇත්තේ අධිකරණවල විශාල වශයෙන් නඩු ගොඩ ගැසී ඇති බවයි.

එම තර්කය සාධාරණීකරණය කළ නොහැකි දත්ත සහිත වාර්තාවක් මේ වන විට නිකුත් වී ඇත.එම වාර්තාවට අනුව.

2025 වර්ෂය ආරම්භයේ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල සිවිල් සහ අපරාධ නඩු 978,091ක් පැවැති බව සඳහන්.

2025 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා වසරක කාලය තුළ සිවිල් සහ අපරාධ නඩු 1,267,485ක් ගොනුකර ඇති අතර ඒ අතරින් නඩු 1,238,544ක් අවසන් කර ඇත.
වසර අවසානයේ විභාගයට ඉතිරිව ඇති නඩු ප්‍රමාණය 1,007,032කි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද දත්ත මත පදනම්ව මෙම වාර්තාව සකස් වී ඇත.

ඒ අනුව පැහැදිලි ලෙසම පෙනී යන කරුණ වන්නේ දැනට සිටින විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය තුළ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල වසරක් තුළ මිලියනයකට අධික නඩු සංඛ්‍යාවක් අවසන් කර ඇති බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments