මෙරට නව චීන තානාපතිවරයා ලෙස පත්වූ, වෙයි හුවාෂි අන්ග් ධුරයේ වැඩ භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට ළඟා වූ නව තානාපතිවරයා, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) විසින් තමන්ව මෙම ධුරයට පත් කිරීම “මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයක්” ලෙස සලකන බවයි.
එතුමා ශ්‍රී ලංකාව, එහි පොහොසත් ශිෂ්ටාචාරය, ස්වභාවික සුන්දරත්වය සහ ජනතාව පිළිබඳව සිය ප්‍රසාදය ද පළ කර සිටියා.



