Homeදේශීයනීතිඥ සංගමයට පාර්ලිමේන්තු එන්න කියයි

නීතිඥ සංගමයට පාර්ලිමේන්තු එන්න කියයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මේ වැදගත් කරුණ ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවත් එම නිසාම එළැඹෙන බදාදා දින සවස 3.00ට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රිවරුන් 225ටම මේ සිදු කරන සංශෝධන ගැන කරුණු පැහැදිලි කරන ලෙස නීතිඥ සංගමයට ආරාධනා කළ බවත් එය මේ වන විට අත්‍යාවශ්‍ය කරුණක් නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම දැනුවත් කිරීමේ කාර්ය ඉටු කිරීමට සහාය ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ තුළින් විධිමත් සාකච්ඡාවක් ප්‍රශස්ත ප්‍රබුද්ධ අදහස් හුවමාරුවක් තුළින් දැනුවත් වීමක් සිදුවිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ලක්ෂ 11ක් පමණ නඩු කටයුතු ප්‍රමාද වීම, ක්‍රමවේද සම්බන්ධ ගැටලු සහ අඩුපාඩු මඟහරවා ගැනීමට පියවරක් ලෙස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරන බවට රජය ඉදිරිපත් කරන මොහොතක මේ නඩු කටයුතු වේගවත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර මේ බරපතල ගැටලුවට විධිමත් විසදුමක් ලබා දීමට යෝජනා කරන බවත් මේ තේරීම් කාරක සභාව ස්ථාපිත විය යුතුය යන යෝජනාව කතානායකවරයා වෙත බාර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments