Homeදේශීයවිනිසුරුවරුන් සහ නීතිඥවරුන් නීතියේ හිමිකරුවන් නොව, එහි භාරකරුවන්ය - රජීව්

විනිසුරුවරුන් සහ නීතිඥවරුන් නීතියේ හිමිකරුවන් නොව, එහි භාරකරුවන්ය – රජීව්

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවා වසර 225ක් පිරීම නිමිත්තෙන් විශේෂ චාරිත්‍රානුකූල අධිකරණ සැසිවාරයක් පැවැත්විණි.

ඒ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

සංවත්සර උත්සවයේදී මහාචාර්ය පෝල් හැළිඩෙි, ආචාර්ය කේ.කනගඊශ්වරන්, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, මහාචාර්ය දිනේෂා සමරරත්න සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු පිරිසක් විශේෂ දේශන පවත්වා ඇත.

ආරම්භය: 1801 අප්‍රේල් 18.

ප්‍රථම අගවිනිසුරු: ශ්‍රීමත් කොඩ්රින්ටන් එඩ්මන්ඩ් කැරින්ටන් මහතා (Sir Codrington Edmund Carrington).

ප්‍රථම ලාංකික අගවිනිසුරු: ශ්‍රීමත් ආතර් විජේවර්ධන මහතා.

ප්‍රථම කාන්තා අගවිනිසුරු: ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
මෙම වචන අපට සිහිපත් කර දෙන්නේ රාජ්‍ය තනතුරක් යනු වරප්‍රසාදයක් නොව එය මහජන විශ්වාසය මත පදනම් වූ වගකීමක් බවයි.

අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද එය එසේම වේ.

විනිසුරුවරුන් සහ නීතිඥවරුන් නීතියේ හිමිකරුවන් නොව, එහි භාරකරුවන්ය.

අප ක්‍රියාත්මක කරන අධිකාරිය, අප අගය කරන ස්වාධීනත්වය සහ අප භුක්ති විඳින වරප්‍රසාද පවතින්නේ අපගේ යහපත උදෙසා නොව, මෙම රටේ ජනතාව වෙනුවෙනි.

මෙම ව්‍යුහය තුළ, නීතිඥ ප්‍රජාව ප්අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සහ සෑම පුරවැසියෙකුටම ප්යුක්තිය ඉටු වීම සහතික කරමින් අධිකරණයේ හඬ ලෙසද ක්‍රියා කරයි. ප්එහෙත් ඔවුන්ගේ කාර්යභාරය අධිකරණය වෙනුවෙන් පෙනී ප්සිටීමට පමණක් සීමා නොවේ. ජනප්‍රිය මතයන්, දේශපාලන බලපෑම් හෝ කිසියම් ආයතනයක අනුග්‍රහය මත නොව, මූලධර්ම මත පදනම්ව යුක්තිය ඉටු කිරීම සහතික කිරීම නීතිඥ ප්‍රජාවේ වගකීමයි.

මෙම වගකීම සම්බන්ධයෙන් ගත් කල, නීතියේ ආධිපත්‍යය සහ රටේ ජනතාව කෙරෙහි ඇති බැඳීම් මගින් පමණක් මඟ පෙන්වනු ලබන නීතිඥ ප්‍රජාව, අභීතව සහ නොසැලී පෙනී සිට ඇති අතර ඉදිරියටත් එසේම කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙසිය විසිපස්වන (225) සංවත්සරය නිමිත්තෙන්, අධිකරණ බලය හිමි මෙම රටේ පරමාධිපති ජනතාවටත්, ගරු විනිසුරුවරුන් වන ඔබතුමන්ලාටත්, අද දින මෙම අධිකරණයේ රැස්ව සිටින සැමටත් නීතිඥ ප්‍රජාව වෙනුවෙන් මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. මෙම ශ්‍රේෂ්ඨ අධිකරණය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙසත්, අපගේ ජනරජයේ යුක්තියේ ස්ථිර සංකේතය ලෙසත් අඛණ්ඩව පවතීවා! එමෙන්ම, ශ්‍රී ලංකා ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය ගරු කිරීමට විනිසුරුවරුන් සහ නීතිඥවරුන් එක්ව කටයුතු කරත්වා!

අවසාන වශයෙන්, බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් අධිකරණ පද්ධතිවල දක්නට ලැබෙන ‘නීති වර්ෂය විවෘත කිරීමේ උත්සවය’ වැනි ආකාරයකින්, අපගේ උත්තරීතර වගකීම අපට සිහිපත් කරවන මෙවැනි සැමරුම් අපගේ පද්ධතිය තුළ වාර්ෂික උත්සවයක් ලෙස ස්ථාපිත වේවායි යෝජනා කිරීමට කැමැත්තෙමි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments