Homeදේශීයඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැඩි වාචික සටහනක්.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැඩි වාචික සටහනක්.

මීගමුව බන්ධනාගාරය තුළ ඝාතනය කරන ලද රැඳවියන් අතර 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නැමැති ඉන්දීය ජාතිකයෙකු ද සිටින බව නවතම විදේශීය මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති වුව ද, මෙම මරණය සහ සෙසු ඉන්දීය සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැඩි වාචික සටහනක් (Note Verbale) කොළඹ පිහිටි ඉන්දීය දූත මණ්ඩලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හදිසියේම යොමු කර ඇත.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර සහ ඔහුගේ නඩු වාර්තා පිළිබඳ නිශ්චිත තොරතුරු ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් තවමත් නිසි ලෙස හෙළි නොකරන බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments