රටේ උද්ගතව ඇති දේශපාලන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ප්‍රබලයෙක්ගේ විශේෂ පණිවිඩයක් රැගෙන හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසී තිබෙනවා.
වාර්තා වන අභ්‍යන්තර තොරතුරුවලට අනුව වර්තමාන ආණ්ඩුවේ එම විශේෂ පණිවිඩය රැගෙන රනිල් වික්‍රමසිංහ හමුව ඇත්තේ ක්‍රිෂාන්ත කුරේයි.
රනිල් වික්‍රමසිංහට අයත් 5වන පටුමගේ පිහිටි සිය නිවසේදී මෙම හමුව සිදුව තිබෙනවා.
පසුගිය 4වෙනිදා සෙනසුරාදා දින සවස් වරුවේ මෙම හමුව සිදු වී ඇති අතර එම අවස්ථාවට රනිල් වික්‍රමසිංහගේ හිතවතුන් කිහිපදෙනෙක්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ඔහු විසින් රනිල් වික්රමසිංහව හමුවී ඇත්තේ ජනාධිපති අනුර කුමාරගේ විශේෂ පණිවිඩයක් රැගෙනයි.
දෙපාර්ශවය අතර පැයකට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් උද්ගතව ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඉදිරි දේශපාලන කරුණු කීපයක් පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ක්‍රිෂාන්ත කුරේ යනු පක්ෂ ගණනාවක් සමග සමීප සබඳතා පවත්වන පුද්ගලයෙක් මෙන්ම යහපාලන ආණ්ඩු සමයේද එම රජයේ තනතුරු දැරූ පුද්ගලයෙක්.
වර්තමාන ආණ්ඩුවේ ද ඉහළ පෙළේ දේශපාලනඥයන් සමඟ සමීප ඇසුරක් ඔහු විසින් පවත්වාගෙන යනු ලබනවා.



