මීගමුව බන්ධනාගාරයේ පළමු සිදුවීම සිදුවූ මොහොතේ සිට පැය විසි හතරක් ගතවනතුරු රාජ්‍ය පාර්ශවයේ කිසිදුු බලධාරියෙකු සක්‍රීයව මැදිහත් නොවීම පිළිබඳව විපක්ෂය සහ නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු සිය කනස්සල්ල පළ කර ඇත.
මිල්ලනිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් ගිනිගත් අවස්ථාවේ එම ස්ථානය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහභාගී වූ බව සැවොම දන්නා කරුණකි.
ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්නොකර වසරක කාලයක් ගත වූ සිය පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතනයක මෙවැනි බරපතළ ගැටුමක් ඇති වූ අවස්ථාවේ විෂය භාර අමාත්‍යවරයා,ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එම ස්ථානයට ගොස් බන්ධනාගාර නිලධාරීන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූයේ මන්ද යන්න සමාජය හමුවේ ඇති බරපතළ ප්‍රශ්නයකි.



