මෙම වර්ෂයේ (2026) ජනවාරි සිට මැයි මාසය දක්වා මුල්මාස පහ සඳහා සහල් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90.3ක මුදලක් වැය කර ඇතැයි වාර්තා වේ.
එසේම මැයි මාසයේ දී සහල් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 49ක මුදලක් වැය කර ඇති බව පැවසේ.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය විසින් 2025 වර්ෂයේ දී ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 162,257ක් මිල දී ගෙන තිබූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 19,633ක් බවද වාර්තා වේ.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය විසින් 2025 වර්ෂයේ දී රුපියල් බිලියන 6.2 වියදමක් දරා වී මෙට්‍රික්ටොන් 49,612ක ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යෑමට කටයුතු කර ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම පොහොර සහනාධාර වැඩසටහන සඳහා රුපියල් බිලියන 37ක මුදලක් ඉකුත් වර්ෂයේ වැය කර තිබුණි.
මේ අතර රජය විසින් ඉකුත් වර්ෂයේ දී (2025) කෘෂිකාර්මික අංශය සඳහා රුපියල් බිලියන 142ක මුදලක් වැය කර ඇති අතර එය 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 17ක වැඩි වීමක් බැව් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.



