Homeදේශීයරිස්වි සහ හකීම් කමේනිගෙ අවමඟුලට යයි

රිස්වි සහ හකීම් කමේනිගෙ අවමඟුලට යයි

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහභාගි වී තිබේ.

ඔවුන්ට අමතරව චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක් රාජ්‍ය නියෝජිතයින් පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ අනුව මෙම විශේෂ අවස්ථාවට සහභාගී වන රටවල් 30කට අධික ලේඛනයක් ඔවුන් විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇත.

ආසියානු සහ යුරෝපීය රටවල නියෝජිතයින් මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාප නියෝජනය කරමින් එහි නියෝජිතයින් ද මේ සඳහා එක්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments