2015 යහපාලන රජය බිහිවූ සමයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට යොමුකළ ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා කරළියට පැමිණ ඇත.
එහි අන්තර්ගතය බවට පත්ව ඇත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රධාන ආයතන 5ක ඉහළ තනතුරු සඳහා තමන් හිතවත් පස්දෙනෙකුට අවස්ථාව සලසා දෙන මෙන් හිටපු ජනපතිනිය සිදුකළ ඉල්ලීමයි.
මෙම ලිපිය වසර 11කට පසු සමාජගත කර ඇත්තේ වත්මන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්ටන් පෙරේරා විසිනි.



