ලෝක බැංකුව (World Bank Group) විසින් ශ්‍රී ලංකාව ‘පහළ මධ්‍යම ආදායම් ලබන රටක්’ (Lower Middle Income) යන මට්ටමේ සිට ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්’ (Upper Middle Income) දක්වා නැවත වර්ගීකරණය කර තිබෙනවා.
2025 වසරේදී ශ්‍රී ලංකාව 5%ක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (Real GDP) වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ලෝක බැංකුව විසින් මෙම පියවර ගෙන තිබෙනවා.
පසුගිය කාල වකවානුවේ පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව, මෙරට සාර්ව ආර්ථික ක්රියාකාරීත්වයේ සහ ආර්ථික වර්ධන වේගයේ සිදු වූ මෑතකාලීන ප්‍රගතිය මෙම නව වර්ගීකරණය හරහා පිළිබිඹු වනවා.
මෙම උසස්වීමත් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය රාමුව තුළ ඉහළ ආදායම් මට්ටම් සහිත ආර්ථිකයන් ඇති රටවල් අතරට එක්වෙනවා.
ලෝක බැංකු සමූහය විසින් ලෝකයේ රටවල් ආදායම් මට්ටම් අනුව ප්‍රධාන කාණ්ඩ හතරකට වර්ගීකරණය කරනු ලබනවා.
ඉහළ ආදායම් ලබන රටවල් (High Income)
ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් (Upper Middle Income)
පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් (Lower Middle Income)
අඩු ආදායම් ලබන රටවල් (Low Income)
මෙම වර්ගීකරණයන් එක් එක් රටවල “ඒක පුද්ගල දළ ජාතික ආදායම” පදනම් කරගනිමින් තීරණය කෙරෙන අතර, සෑම වසරකදීම ලෝක බැංකුව විසින් එය යාවත්කාලීන කරනු ලබනවා.



