දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිසිය සහ ජනතාව අතර ඇති වූ සිදුවීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්නයක් යොමු කරමින් ඉල්ලා සිටියේ අහිංසක ජනතාවට ත්‍රිවිධ හමුදාව සහ පොලිසියෙන් මෙවැනි ගැටලු ඇති නොවීමට ඉදිරියේදී කටයුතු කළ යුතු බවයි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ යළි මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ නොතබන බවයි.



