Homeදේශීයසජිත්, රවීගේ ප්‍රශ්න වලට බිමල්, ලාල් උත්තර නොදෙයි.

සජිත්, රවීගේ ප්‍රශ්න වලට බිමල්, ලාල් උත්තර නොදෙයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විසි හත දෙක යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පිළිවෙලින් වරාය සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න විමසන ලදී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳව විමසූ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට කල් අවශ්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.එම අවස්ථාවේ අදාළ විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක සභාවේ රැඳී සිටිනු දක්නට ලැබිණි.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මේ දිනවල ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් වන වී මිල පිළිබඳව යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු නොලැබිණි.විෂය භාර අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත සභාවේ රැඳී සිටියදීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහාද කල් ඉල්ලා සිටියේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments