Homeදේශීයඇමෙරිකානු ඩොලරය වෙනුවට ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දීය රුපියල (INR) භාවිතය වාසිද?

ඇමෙරිකානු ඩොලරය වෙනුවට ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දීය රුපියල (INR) භාවිතය වාසිද?

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මනින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටලු යොමු කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

LankaKonect නම් වූ මෙම යෙදවුම නිල වශයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

මෙම යෙදවුම ඉංග්‍රීසි, සිංහල හා දමිල යන භාෂා ත්‍රිත්වයෙන්ම භාවිත කළ හැකි අතර විගමණික ශ්‍රමිකයින්ට තමා රැකියාව කරන ස්ථානයේ හෝ රැකියාවේ යම් ප්‍රශ්නයක් තිබේ නම් මෙම යෙදවුම වෙත පිවිස සෘජුවම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිල්ලක් යොමු කළ හැකිය.

එසේම අධ්‍යාපනය හා පදිංචිය සඳහා විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයෙකු නම් සෘජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත මෙම යෙදවුම ඔස්සේ පැමිණිල්ල යොමු කළ හැකි අතර පැමිණිල්ල ලිඛිතව පමණක් නොව හඬපට හා වීඩියෝ දර්ශන මගින්ද මෙම යෙදවුම හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මෙරට පමණක් නොව ලොව ඕනෑම රටකදී මෙම යෙදවුම එකලෙසම භාවිත කිරීමේ හැකියාව පවතින අතර තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වයද මෙම යෙදවුම හරහා ඉතා පහසුවෙන් පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය දායකත්වය යටතේ නිර්මාණය කර ඇති මෙම යෙදුම Google Play Store හා Apple App Store යන මාර්ගවලින් අද සිට නොමිලයේ භාගත කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments