Homeදේශීයඩොලර් මිලියන 2.5 යළි සොයාගැනීමට නොහැකිවුවහොත් ගෙවීමට සිදුවන්නේ ජනතාවට

ඩොලර් මිලියන 2.5 යළි සොයාගැනීමට නොහැකිවුවහොත් ගෙවීමට සිදුවන්නේ ජනතාවට

විදෙස් ණයක් ගෙවීමට යාමේදී වංචනික පාර්ශ්වයක් අතට ගිය ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල යළි සොයාගැනීමට හැකිවුවහොත් පමණක් මහාභාණ්ඩාගාරයට එය පියවාගත හැකි බවත් එසේ නොවුණහොත් එය ගෙවීමට සිදුවන්නේ ජනතාවට බවත් මුදල් අමාත්‍යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ ලේකම්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවසූ බවයි එම කාරකසභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

ප්‍රශ්නය – ජනතාවටද මේක දැන් අන්තිමේ ගෙවන්න වෙන්නෙ ? වෙන විදියක් නැද්ද මේකට ?

“දැන් ලේකම්තුමාගෙන් මම ඒ ප්‍රශ්නෙ ඇහුවාම කිව්වා මේ සල්ලි හොයාගන්න පුළුවන් වුණොත් ඒ ටික ගෙවන්න පුළුවන්, නැත්නම් ඉතුරු ටික ජනතාවගෙන් තමයි කියලා. මේ සල්ලි ආයෙ හොයාගන්න හැකියාවක් නැහැ. ජනතාවට තමයි ගෙවන්න වෙන්නෙ. ඩොලර් මිලියන දෙකහමාරක් අලුතින් බජට් එකේ ඇමෙන්ඩ්මන්ට් එකක් දාලා ගෙවන්න වෙනවා”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments