Homeදේශීයබැංකු 12ක ගිණුම් 227 ක් ඔස්සේ අවස්ථා විසිහය දහසකට අධික මහා පරිමාණ ජාවාරම්

බැංකු 12ක ගිණුම් 227 ක් ඔස්සේ අවස්ථා විසිහය දහසකට අධික මහා පරිමාණ ජාවාරම්

දේශීය සමාගම් එකසිය පහක් ඒකාබද්ධ වී භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඩොලර් මිලියන ගණනින් රටින් පිට කිරීමේ මහාපරිමාණ ජාවාරමක් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

බැංකු 12 කට අධික ගිණුම් 227 ක් ඔස්සේ අවස්ථා විසිහය දහසකට අධිකව මෙම මහා පරිමාණ ජාවාරම සිදුකර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

එමෙන්ම මෙමගින් අමෙරිකානු ඩොලර් මිලියන 85.8 කට අධික මුදලක් මෙලෙස රටින් පිටමං කර ඇති අතර එන් ඩී බී බැංකුව‌ට අදාළ රුපියල් බිලියන 13 ක මූල්‍ය වංචාවට අදාළ මුදල්ද රටින් පිටකර ඇති බවට විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම මෙම සමාගම් විසින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් සමාගම් ආරම්භ කරමින් විදෙස් රටවලට මුදල් යැව්වද ආනයනය කරන බව සදහන් කර ඇති කිසිඳු භාණ්ඩයක් මෙරටට ආනයනය කැර නැතැයිද අමාත්‍යවරයා අනාවරණය කළේය.

එකම චෞර වලල්ලක් විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර මාස හයෙන් හයට සමාගම් වෙනස් කරමින් මෙම වංචාව දිගු කාලයක් තිස්සේ සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා ශ්‍රී ලංකා රේගුව විසින් වරින් වර කරන ලද පර්යේෂණ ඔස්සේ රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අනාවරණය කරගෙන තිබෙනවා.
අනාවරණය කර ගත් කරුණු සම්බන්ධයෙන් යම් අනාවරණයක් මේ පාර්ලිමේන්තුවට සිදුකළ යුතුයි. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය ජනතාවට දිගින් දිගටම කියපු කාරණයක් තමයි ජාවාරම් , වංචාවන් පිටුපස චෞර වලල්ලක් සිටින බවට. දේශපාලකයින් වගේම විවිධ  ආයතන වල නිලධාරීන් වගේම වංචනිකයින් විශාල පිරිසක් මේ වටා සිටිනවා. මේ බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. ඒ් වගේම මේ සියළු ජාවාරම් දේශපාලකයින් නිසා ශක්තිමත් වුණා. නමුත් අපට පුළුවන් වුනා, වසර එකහමාරක් වැනි කාලය තුළ මේ තත්ත්වයන් වෙනස් කරන්නට. ආර්ථික වශයෙන් බංකොලොත් වූ රට යළි ශක්තිමත් කිරීමට අපට හැකිවුණා. විශේෂයෙන්ම මූල්‍ය විනය, මූල්‍ය කළමණාකරනය සහිතව කටයුතු කරමින් රටේ ආර්ථිකය ගොඩනගන්නට අපට හැනිවුණා. විශේෂයෙන්ම ජනාධිපති තුමා මුදල් අමාත්‍යවරයා ලෙස විශාල කාර්ය භාරයක් ඉටුකළා. ඒ් වගේම මූල්‍ය විනය, අතිශය වැදගත්. ඒ් වගේම මුල්‍ය වංචා, මූල්‍ය අක්‍රමිකතා ආදි මේවාට අදාළව සිදුවන විමර්ශන සිදුකිරීම අතිශය තීරණාත්මක කාරණයක්. විවිධ ආකාරයට සොයාගන්නා තොරතුරු පදනම් කරගනිමින් මෙම මූල්‍ය අක්‍රමිකතාවයන් හා මූල්‍ය වංචාවන්ට අදාළව විමර්ශන සිදු කරනවා. ඒ් සඳහා ශ්‍රී ලංකා පොලිසිය, හා ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන ලද පර්යේෂණ හා විමර්ශන අනුව ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් නීතී විරෝධි ලෙස රටින් පිටමං කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.
අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව මොවුන් ව්‍යාපාරයක් සිදුකරන බවට අගවමින් සමාගම් රැසක් ලියාපදිංචි කරමින් ඒ් ඒ් සමාගම් විසින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් තමයි මේ ජාවාරම සිදුකර තිබෙන්නේ .ඒ් වගේම මේ අය ටෙලි ග්‍රැෆි ට්‍රාන්සර් ක්‍රමවේදය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන ටී ටී ක්‍රියන ක්‍රමවේදයට මෙය සිදුකර තිබෙනවා. ඒ් වගේම විදේශ රටවල සමාගම් වලට යවා තිබෙනවා. එහෙත් කිසිදු අවස්ථාවක ඒ් මුදල් වලට අදාළව කිසිඳු භාණ්ඩයක් මේ රටට ආනයනය කර නැහැ.

මෙම ජාවාරම පිළිබඳ විමර්ශන තුනක් ඉදිරිපත් කරනවා. පසුගිය වසරේ ඔක්තොම්බර් 22 කැළණිය අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරින් පෑලියගොඩදි සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරික්ෂා කරනවා. ඒ් ත්‍රීරෝද රථයේදී කෝටි තුනක මුදලක් සොයාගන්නවා. මේ මුදල සහ සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. ඉන් පසුව මේ මුදල උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමසීම් කරනවා. නමුත් මේ අයට ඒ් පිළිබඳව අනාවරණය කරන්නට හැකි වන්නේ නැහැ. මේ හරහා සිදුකරන ලද විමර්ශන මගින් හය දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ සියළු දෙනා මෙම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් අනාවරණය කරන්නට අසමත් වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් අපරාධයකින් උත්පාදිත ධනය ලෙස සැකකාර මේ පිරිස අත්අඩංගුවට ගන්නවා. මේ විමර්ශන වැඩිදුරටත් සිදුකිරිමට පොලිස්පතිවරයා විසින් මධ්‍යම අපරාධ විමර්ශන ඒ්කකය වෙත පවරනවා.
ඒ් අනුව මෙම මුදල නෙක්ස්ට් ජෙන් ප්‍රයිවට් ලිමිටඩ් නම් සමාගම විසින් බැංකු ගත කිරීම සඳහා ලබාදුන් මුදල් බවට තහවුරු වෙනවා. මේ සමාගමේ මුදල් බවට තහවුරු වෙනවා.

මෙම සමාගම අවස්ථා 953 කදී ටී ටී හරහා රුපියල් කෝටි 1289 ක මුදලක් විදෙස් රටවල් 26 ක සමාගම් 256 ක් වෙත යොමුකර ඇති බව අනාවරණය වෙනවා.
මේ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 42.8 ක් රටින් පිටකර තිබෙනවා. ටී ටී හරහා භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් තමයි මෙය සිදු කර තිබෙන්නේ.

කිසිඳු භාණ්ඩයක් රටට ආනයනය කර නැහැ. ඒ් වගේම මේ සමාගම 2025-07-02 පුද්ගලයෙක් අධ්‍යක්ෂක හා හිමිකරු ලෙස ලියාපදිංචි පුද්ගලයෙක් ඔවුන් කිසිදු නීත්‍යානුකූළ ව්‍යාපාරයක් සිදුකර නැහැ.
මේ සමාගම විසින් විවිධ භාණ්ඩ මිලදී ගන්නා ලෙසට රටින් පිටකර ඇති එන් ඩී බී රුපියල් බිලියන 13 ක මූල්‍ය වංචාවට අදාළ මුදල්ද රටින් පිටකර ඇති බවට විමර්ශන වලින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ සමාගමට අදාලව මහජන බැංකුව කොලොන්නාව ශාඛාවේ සහ වැල්ලම්පිටිය ශාඛාවේ ගිණුම් පවත්වාගෙන ගිහින් තිබුණා.මේ වනවිට එම ගිණුම් අක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ් වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරනවා.

ඒ් වගේම දෙවන සිදුවීම තමයි, මීගමුව පොලිසිය විසින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනකු පසුගිය 15 වනදා අත්අඩංගුවට ගන්නවා. ඔවුන් හෙරොයින් ලබාගැනීමට අදාළ මුදල් දිවුලපිටියේ කොමර්ෂල් බැංකුවේ ගිණුමක තැන්පත් කරනවා. මෙම ගිණුම ඩුබායි සිට අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ පුද්ගලයකු විසින් පවත්වාගෙන ගිය ගිණුමක්. එම ගිණුමේ තිබු මුදල් පසුව පිටකොටුව ප්‍රදේශයේ තිබූ ගිණුමකට මාරුකරනවා. ඒ් ගිණුම පවත්වාගෙන යන්නේ ඒ් වයි ඉන්වෙස්මන්ට් කියන සමාගම.
එම ගිණුමේ බිලියන දශම 22 ක මුදලක් තිබෙනවා. එම ගිණුම 2024-09-09 ආරම්භ කර තිබෙනවා. පිට‌කොටුව ඉහත ගිණුමේ තිබු මුදල් දින දෙක තුනකට වරක් චෙක්පත් මගින් නැවත ලබා ගන්නවා. පිටකොටුව කොමර්ෂල් බැංකුවෙන් ලබාගන්නා මුදල් පිටකොටුව යුනියන් බැංකුවේ ඉහත සමාගම විසින් පවත්වාගෙන යන ගිණුම් හතරකට බැර කරනවා. මේ බැංකු ගිණුම් හතර තුළින් රුපියල් කෝටි 1300 ක මුදලක් 2025-10-30 සිට 2026-03-04 කාලය තුළ ටී ටී ක්‍රමය යටතේ විදෙස් සමාගම් වලට යවා තිබෙනවා. කෝටි 1300 ක මුදලක්.

මෙම සමාගම විසින් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් යවා තිබුනත් සඳහන් කර තිබු රත්තරන් බඩු, බාත්රූම් උපකරණ ආදි කිසිවක් මේ රටට ආනයනය කර නැහැ.
ඒ් වගේම ඉහත කියපු කිසිම සමාගමක් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වීමක් සිදුකරලත් නැහැ.

මුලින් කියපු අමෙරිකානු
මිලියන 42.8 වගේම මේ හරහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 43 ක මුදලක් විදෙස් රටවලට යවා තිබෙනවා.භාණ්ඩ ආනයනය කරන මුවාවෙන්. මේ ගිණුම් වල තිබුණ ශේෂ මුදල වන පන්කෝටි තිස්හය ලක්ෂය අක්‍රීය කර තිබෙනවා.

අපරාධයකින් උත්පාදිත පොලිස් කොට්ඨාශය විසින් තවත් සිදුවිමක් සම්බන්ධයෙන් වාර්තා කළ යුතුයි.2023 වසරේ සිට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් විදෙස් රටවල් වලට යවන බවට පැමිණිලි කළා. ඒ් අනුව විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් ගිහින් තිබෙනවා. භාණ්ඩ ආනයනය කර නැහැ. මේ වෙනුවෙන් ටී ටී අවස්ථා 26000 ට අධික සංඛ්‍යාවක් උපයෝගි කරගෙන තිබෙනවා.
බැංකු 12 කට අදාළ ගිණුම් 227 ක් හරහා තමයි මෙය සිදුකර තිබෙන්නේ.

මෙය අපගේ ආර්ථිකයට විශාල ලෙස බලපා තිබෙනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් ගිහින් තිබෙනවා.
මීට දේශීය සමාගම් 105 ක් සම්බන්ධ බවට තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපි පූර්ණ විමර්ශනයක් කළා.
මේ සමාගම් වල අධ්‍යක්ෂවරු හෝ ලේකම්වරු ලෙස සිටින්නේ 55 දෙනෙක් විතරයි.
ඒ් අනුව කෙටි කාලයක් තුළ එකම කණ්ඩායමක් විසින් සමාගම් නාමය මාරු කරමින් මේ වංචාව සිදුකර තිබෙනවා.
මාස හයක් සමාගමක් පවත්වාගෙන යනවා. වහලා වෙනත් සමාගමක් විවෘත කරනවා.
මේ වගේම යුනියන් බැංකුවේ ජාවාරම සම්බන්ධයෙන්ද කිව යුතුයි.එකම දවසේ අවස්ථා 17 කදී මුදල් හුවමාරුව සිදුව තිබෙනවා.ඒ් අනුව සමහර නිලධාරීන්ගේ රාජකාරි වගවීම සම්බන්ධයෙන්ද ගැටළුවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන්ද පූර්ණ විමර්ශනයක් සිදුකරනවා.

2023 වසරට පෙරත් මේ වගේ මුදල් ගිහින් තිබෙනවා. ඒ්වා සම්බන්ධයෙනුත් විමර්ශන සිදු කරනවා.
මේ සිදුවීම් අනාවරණය වුනාට පසුව අදාල සියළු අංශ සමග ජනාධිපතිවරයා සාකච්ඡා කළා.

ඒ් වගේම ඕනෑම සමාගමක් භාණ්ඩ ආනයනය කරන්නේ නම් රේගුවේ ලියාපදිංචි විය යුතුයි කියන තීන්දුව ගත්තා.
චෞර වලල්ලක් විසින් සිදුකරන ලද මෙම බරපතල වංචාවන් වලට අදාළ නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments