Homeදේශීයලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව, තවත් මිලියන1.3කින් ඉහළ ගිහින්...

ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව, තවත් මිලියන1.3කින් ඉහළ ගිහින් WFP.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින ජනතාව, තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.

එම වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණයකට අනුව, ලෝකයටම බලපෑ මෙම අර්බුදයෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය හා සෝමාලියාව යන රටවල් සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම් මත මෙලෙස මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.

එම වාර්තාවට අනුව සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව තවත් මිලියන 2.5කින් ඉහළ ගොස් ඇත.

ඇෆ්ගනිස්තානයේ එම තත්ත්වය මිලියන 2.3කින් ඉහළ ගොස් බව අදාළ වාර්තාවේ දැක්වේ.

ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කාව් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම රටවල බලශක්ති මිල සහ ආහාර මිල අතර සහසම්බන්ධය ඉතා තදින් පැවතීමය.

දුප්පත්ම රටවල ජනතාව ඔවුන් උපයන මුදලින් වැඩි කොටසක් ආහාර සඳහා වියදම් කරන බවත්, ඒ හේතුවෙන් ආහාර මිල ඉහළ යන විට ඔවුන්ට අඩුවෙන් ආහාර පරිභෝජනය කිරීමට සිදුව ඇති බවත් ස්කාව් මෙහිදි වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව මැදපෙරදිග අර්බුදය ඉදිරියේදී සමනය වුවද, ආහාර හා ඉන්ධන මිල ඉහළ යාම, වෙළෙඳ කටයුතු බිඳවැටීම නිසා ඇතිවූ අහිතකර ප්‍රතිඵල මත ඉදිරි මාස කිහිපය තුළ මෙම රටවල ආහාර අර්බුදය තවදුරටත් තීව්‍ර විය හැකි බව WFP වාර්තාවේ දැක්වේ.

ජූනි මාසය අවසන් වන විට ලොව පුරා මිලියන 45ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවදානමක පවතින අතර, දැනටමත් ආධාර කප්පාදුවලට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන, මෙම මානුෂීය අර්බුදය වළක්වා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

සාගින්න තුරන් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වන ලොව විශාලතම මානවවාදී සංවිධානය වන්නේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments