Homeදේශීයක්‍රියාත්මක දහම් පාසල් සංඛ්‍යාව 10,204ක්

ක්‍රියාත්මක දහම් පාසල් සංඛ්‍යාව 10,204ක්

මෙරට දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව පසුගිය වසර පහක (2021-2025) කාලය තුළදී සැලකිය යුතු අයුරින් අඩු වී ඇති බව බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති 2025 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාවේ දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වේ.

මෙරට දහම් පාසල් යටතේ 2021 වර්ෂයේදී සිසු දරු දැරියන් විසිදෙලක්ෂ අසූහත්දහස් පන්සිය අසූපස් දෙනෙකු (2,287,585) දහම් අධ්‍යාපනය ලබා තිබිණි.

එහෙත් 2025 වර්ෂය වන විට දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව දාසය ලක්ෂ හතළිස් හත්දහස් එකසිය හැටහය දක්වා (1,647,166) සිසු දරු දැරියන් හය ලක්ෂ හතළිස් දහස් හාරසිය දහ නමයකින් (640,419) අඩු වී ඇත.

එමෙන් ම, 2022 වර්ෂයේ සිසු දරු දැරියන් 2,191,101ක්, 2023 වර්ෂයේ සිසු දරු දැරියන් 2,048,460ක් සහ 2024 වර්ෂය තුළ සිසු දරු දැරියන් 1,816,526ක් මෙරට දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබා තිබිණි.

2025 වර්ෂයේ මෙරට දිස්ත්‍රික්ක 23ක ලියාපදිංචි දහම් පාසල් සංඛ්‍යාව 10,810 ක් වන අතර ඉන් ක්‍රියාත්මක දහම් පාසල් සංඛ්‍යාව 10,204 කි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments