ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ධූරයෙන් තමන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් කරමින් පැහැදිලි කර තිබුණා.
තමන් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන බවත්, වයස අවුරුදු 64ක් වන තමන්ගේ විශ්වවිද්‍යාල සේවා කාලයේ අවසාන වර්ෂය එළඹ ඇති බැවින් සේවයට වාර්තා කිරීම අනිවාර්ය වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.
මෑතකදී නිකුත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මෙම ඉල්ලා අස්වීමට බලපා ඇති බවට පැතිර යන කටකතා ප්‍රතික්ෂේප කරන බවත්, එම කිසිදු සිදුවීමක් තමන්ගේ තීරණයට බලපා නොමැති බවත් ඔහු කියා සිටියා.
රජයට හෝ අමාත්‍යවරයාට මඩ ගැසීම සඳහා කිසිවෙකුට ආයුධයක් සැපයීමට තමන්ට අවශ්‍ය නොවූ බැවින්, ඉල්ලා අස්වීමේ ලිපිය පවා තමන් විසින්ම සකස් කරගත් බව ඔහු මෙහිදී අනාවරණය කළා.
මුලින් මැයි 01 වැනිදා ඉල්ලා අස්වීමට සැලසුම් කර තිබුණ ද, අමාත්‍යාංශයේ අයවැය යෝජනා (Budget Proposals) අවසන් කර දීම සඳහා මැයි 15 වැනිදා දක්වා සේවයේ රැඳී සිටි බවද ඔහු කියා සිටියා.



