Homeදේශීයහජ් උත්සවය අදයි.

හජ් උත්සවය අදයි.

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙනවා.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම මුස්ලිම් පල්ලි අවට අධික රථ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බන්ධනාගාර ගත රැදවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් අද දිනයේ ලබාදී ඇති බවයි.

ඒ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබාදීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments