Homeදේශීයශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් චීන මහජන සමූහාණ්ඩුවේ වැඩමුළුවකට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් චීන මහජන සමූහාණ්ඩුවේ වැඩමුළුවකට

මහජන චීන සමූහාණ්ඩුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන වැඩමුළුවකට සහභාගී වීම සඳහා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්නගේ නායකත්වයෙන් යුතු නියෝජිත පිරිසක් පිටත්ව ගියහ. මන්ත්‍රීවරයන් විසිදෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් සිව්දෙනෙකුගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත වේ.

2026 මැයි 25 සිට ජූනි 05 දක්වා බීජිං සහ ගුවැන්ඩොං පළාතේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (NDRC) ජාත්‍යන්තර සහයෝගීතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබයි.

මෙම නියෝජිත පිරිස 2026 මැයි 25 වැනි දින බීජිං නුවරට පැමිණි අතර, 2026 මැයි 26 වන දින බීජිං හි ෆෙන්හුයි (Fenghui Centre) මධ්‍යස්ථානයේදී පැවැති වැඩමුළුවේ නිල සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් සමාරම්භක උත්සවය අමතමින්, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න නියෝජ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශයක් සිදු කළාය.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී පූර්ණිමා ගුණසේකර මහත්මිය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ජාත්‍යන්තර සහයෝගිතා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියූ අයිජුන් (Qiu Aijun) මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.

දේශන, සාකච්ඡා, ආයතනික සංචාර සහ ක්ෂේත්‍ර සහභාගිත්ව කටයුතු සමග බීජිං, ෂෙන්සෙන් සහ ගුවැන්ඩොං පළාතේදී පැවැත්වෙන මෙම වැඩසටහන තුළදී පාලනය, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් නවීකරණය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.

ශ්‍රී ලංකාව මෙම වැඩමුළුවට සහභාගී වීම මගින්, ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වය වැඩිදියුණු කිරීමට සහ ආයතනික සහයෝගීතාව මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමට දෙරටෙහිම ඇති කැපවීම අවධාරණය කෙරේ.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චාමර සම්පත් දසනායක, රෝහණ බණ්ඩාර, ඩබ්.එච්.එම්. ධර්මසේන, උපුල් කිත්සිරි, තාහීර් මරික්කාර්, චන්දන තෙන්නකෝන්, ධර්මප්‍රිය දිසානායක, සුසන්ත කුමාර නවරත්න, නන්දන පද්මකුමාර, ස්ටෙෆනි ප්‍රනාන්දු, (වෛද්‍ය) ශ්‍රී භවානන්දරාජා, ඊ.එම්. බස්නායක, මොහොමඩ් ෂරීෆ් ෆස්මින්, (වෛද්‍ය) පද්මනාදන් සත්‍යලිංගම්, දිනේෂ් හේමන්ත පෙරේරා, සමන්ත රණසිංහ, අබ්දුල් වසීත් සහ රොෂාන් අක්මීමන යන මහත්වරුන්ගෙන් මෙම ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමන්විත වේ.

තවද මෙම නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (මුදල්) ගමගේ සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ලාල් කුමාරසිරි සහ ප්‍රධාන සන්ධාන නිලධාරිනී අමා විතානගේ යන මහත්ම මහත්මීහු ද ඇතුළත් වෙති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments