Homeදේශීයඉන්දියාව ඉන්නේ අපි එක්ක

ඉන්දියාව ඉන්නේ අපි එක්ක

ඉන්දියාවෙන් කිසිම බලපෑමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ,යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

අපිට ඉන්දියාවෙන් කිසිම බලපෑමක් නැහැ. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව සහ මලිමා ආණ්ඩුව අතර ඉතාමත් හොඳ සම්බන්ධයක් තියෙනවා.
ඉතා මිත්‍රශීලි සම්බන්ධයක් තියෙනවා. අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. අපි උතුරේ ජනතාවට ජාතිවාදය නැති රටක් හදලා තියෙනවා. අපි හමුදා කඳවුරුවලට අරන් තිබුණ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කරලා තියෙනවා. පාරවල් විවෘත කරලා තියෙනවා. අලුතින් මාර්ග හදමින් තියෙනවා. ඒ වගේම ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ජනතාව බලගැන්වීමේ ක්‍රියාවන් කරනවා. ඒ නිසා ඉන්දියාවට මේ ගැන අවබෝධයක් තියෙනවා. අපි ඉතා සහයෝගයෙන් වැඩ කරනවා.”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments