ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වය ඉලක්ක කර ගනිමින් මේ වන විට දේශපාලන බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.
එහි එක් පියවරක් ලෙස අධිකාරියේ වත්මන් සභාපති අරවින්ද සිරිනාථ මහතාගේ අවශ්‍යතාවය අනුව වසර පහළොවක් අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මානව සම්පත් ලෙස සේවය කළ ලලිත් එදිරි සිංහ මහතාගේ වැඩ තහනම් කර ඇත.
වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයාලෙසත් සේවය කර ඇති මොහු වැඩ තහනම් කර ඇත්තේ මූලික පරීක්‍ෂණයකින්ද තොරවයි.
මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.එහෙත් සභාපතිවරයා ඊට පෙනී නොසිටින බව වාර්තා වෙයි.
මෙහි ඇති විශේෂම තත්ත්වය වන්නේ අධිකාරියේ නිලබලයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා ඉවත් කර ඇත.එපමණක් නොව එල්ල වන බලපෑම් හමුවේ මුදල් අමාත්‍යංශ නියෝජිතයාද අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්ව තිබෙන බව දැන ගැනීමට ලැබෙයි.
මෙවැනි පසුබිමක ලබන බදාදා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.



