වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුටම ලබාගැනීම අනිවාර්ය කර ඇති බදු හඳුනා ගැනීමේ අංකය හෙවත් TIN අංකය (Taxpayer Identification Number – TIN) ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම අපරාධමය වරදක් ලෙස සැලකෙන සංශෝධන දේශීය ආදායම් පනතට එක්කර තිබේ.
මෙම සංශෝධනවලට අනුව රුපියල් ලක්ෂ 4ක් දක්වා දඩයකට හෝ මාස 6ක සිරදඬුවමක් එම අපරාධමය වරද සම්බන්ධයෙන් ලබාදිය හැකි බව සඳහන් වේ.
මෙම සංශෝධන ඇතුළත් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත 2026 පෙබරවාරි 24 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, ලබන මැයි 19 වැනි අඟහරුවාදා මෙම සංශෝධිත පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.



