Homeදේශීයයාල්දේවි අද සිට ධාවනයට

යාල්දේවි අද සිට ධාවනයට

කොළඹ කොටුව සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල් දේවි දුම්රිය අද සිට නැවත ධාවනයට එක් කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් යාල්දේව් දුම්රිය ධාවනය කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසන්නේ.

එමෙන්ම කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවි දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් වන බව ද සඳහන්.

වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින් මෙම දුම්රිය සමන්විත වනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments