Homeදේශීයලෝක මාධ්‍ය නිදහස් දිනය

ලෝක මාධ්‍ය නිදහස් දිනය

ලොව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වන වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන 05ක් ඉදිරියට පැමිණ තිබේ.

2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.

දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත්කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත.

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ළකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතුණි.

මෙම දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය එස්තෝනියාවටත් හිමිව තිබේ.

මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රයාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ පහළම ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ලෝක මාධ්‍ය නිදහස් දිනය ද අදට යෙදී තිබේ.

1993 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක මාධ්‍ය නිහස් දිනට සෑම වසරකම මැයි 03 වන දින සමරනු ලබයි

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments