Homeදේශීයකන්ටේනර් 323 ප්‍රශ්නය අහන්න අනුර ගෙන්නන්න බැරි ඇයි?

කන්ටේනර් 323 ප්‍රශ්නය අහන්න අනුර ගෙන්නන්න බැරි ඇයි?

2025 ජනවාරි මාසයේදී කොළඹ වරායේ ආනයනික බහාලුම් නිෂ්කාශනය අතරතුර බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව මුදා හැරීමෙන් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සමාජය තුළ බරපතළ සැක සංකා මතුවිය.

එය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරවන්නට විය. ඒ පිළිබඳව එවක විෂය භාර අමාත්‍ය වරයාට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල කරන ලදී.

මේ සම්බන්ධයෙන් විපක්‍ෂය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ වරාය හරහා කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව පිටව ගොස් ඇති බව කියන ආන්දෝලනාත්මක බහාලුම් 323 පිළිබඳ සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ස්ථාපිත විය.

මෙම විශේෂ තේරීම් කාරක සභාව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන්, කාරක සභාවේ මුළු සාමාජික සංයුතියෙන් 8 දෙනෙකු රජය නියෝජනය කරන අතර විපක්ෂය නියෝජනය කරනු ලබන්නේ සාමාජිකයන් 4 දෙනෙකු පමණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විපක්ෂය නියෝජනය කරන කාරක සභා සාමාජිකයන් ඉදිරිපත් කළ ප්‍රධාන සාක්ෂිකරුවන් සිව්දෙනෙකු
කැඳවීමේ යෝජනාව, ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී ඇත.

බහුතර බලය භාවිතා කරමින්, සිද්ධියට අදාළ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට ඇති අවස්ථාව රජය විසින් අවහිර කර ඇති බව පෙනීයයි.

විශේෂයෙන්ම විෂය භාර අමාත්‍යවරුන් සහ නිලධාරීන් සාක්ෂියට කැඳවීමකින් තොරව මෙවැනි මහා පරිමාණ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සකස් කරන්නේ කෙසේදැයි ප්‍රශ්නකාරීය.

බහුතර බලය භාවිත කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් මුළුමනින්ම සමතලා කිරීමට උත්සාහ දැරීම කොතරම් සාධාරණදැයි දිනන දකුණ සාමූහිකය ප්‍රශ්න කර සිටියි.

උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සහ කථානායකවරයා වහාම අවධානය යොමු කර මෙම සිදුවීම පිළිබඳ සත්‍ය තොරතුරු මහජනතාවට දැන ගැනීමට සැලැස්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අප ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටින්නෙමු.

.
මාධ්‍ය ප්‍රකාශක
දිනන දකුණ සාමූහිකය

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments