Homeදේශීයරාජාංගනය සද්ධාරතන හිමිගේ ඇප අවලංගු කරන්නේද නැද්ද තීන්දුව මැයි 20

රාජාංගනය සද්ධාරතන හිමිගේ ඇප අවලංගු කරන්නේද නැද්ද තීන්දුව මැයි 20

රාජාංගනය සද්ධාරතන ස්වාමීන් වහන්සේට ලබා දී ඇති ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අශිෂ්ට හා අසභ්‍ය වචන භාවිත කරමින් හැසිරී ඇති බවයි.

මෙමඟින් උන්වහන්සේට මීට පෙර පනවා තිබූ ඇප කොන්දේසි සෘජුවම උල්ලංඝනය වී ඇති බැවින්, වහාම ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස CID නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, මෙම ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වන අවසන් තීරණය මැයි මස 20 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments