Homeදේශීයකතානායකට නීතිපති සහාය නෑ.

කතානායකට නීතිපති සහාය නෑ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටි අතර කථානායක වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කණගීස්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි තිබෙනවා.

පෙත්සම ගොනු කර තිබුණේ නීතියට පටහැනි ලෙස පාර්ලිමේන්තු උපදේශක කමිටුව විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක් කරමින්.

මෙම පෙත්සම පසුගියදා කැඳවනු ලැබු අවස්ථාවේදී කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයට පත් කිරීම සඳහා සලකා බැලීමට සූදානම් බවයි.

එහිදී මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවයි, ඒ අනුව කථානායකවරයා වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අධිකරණයට දැනුම්දුන්නා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසටයි.

එහිදී පෙත්සමට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 20වනදාට පෙර ගොනු කරන ලෙස අධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයට නියම කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments