වත්මන් ආණ්ඩුව යටතේ ඒ ඒ ඉන්ධන වර්ගය සඳහා රජයෙන් පනවා ඇති බදු ප්රමාණය පිළිබදව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කරුණු හෙළිදරව් කළා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 115 ක බද්දක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 143 ක බද්දක්ද, ඩීසල් සඳහා රුපියල් 91 ක බද්දක්ද පවතින බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර අනෙක් රටවලට සාපේක්ෂව ඉන්ධන මිල ඉතා අඩු ප්රමාණයකින් මෙවර ඉහළ දැමූ බවත් එය ජනතාවට දරාගත හැකි ප්රමාණයක් බවත් රාජකරුණෘ මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ 8% ඉන්ධන මිල වැඩිවීම සිදුකරන විට ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල 100% කින්, පෙට්රල් මිල 80% කින් හා බොරතෙල් මිලද ඉහළ ගොස් තිබූ බවයි.
ඉන්ධනවලින් අයකරන බද්ද සම්පූර්ණයෙන් රජයට ලැබෙන බැවින් තවදුරටත් ඉන්ධන මිල ඉහළයන්නේ නම් එම බදු ප්රමාණයන් අඩුකර ජනතාවට සහනදීමට රජය දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද මෙහිදී ඔහු සඳහන් කළා.



