ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රතිපත්ති පාදක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, මීට අදාළව බැංකුවෙන් ඩොලර් මිලියන 620 ක මුදල සම්පාදනය කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
පහත දැක්වෙන උප වැඩසටහන් 05 යටතේ මෙම සම්පාදනය ලබා ගන්නා බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.
වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන -අමෙරිකානු ඩොලර් මිලියන 100
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ශක්තිමත් සහ ඇතුළත් මුල්‍ය පසුබිමක් ගොඩනැගීමේ වැඩසටහන – අමෙරිකානු ඩොලර් මිලියන 220
ජල සම්පාදන සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන – අමෙරිකානු ඩොලර් මිලියන 100
ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා අවස්ථාව ලබා දීමේ සංවර්ධන වැඩසටහන – අමෙරිකානු ඩොලර් මිලියන 100
කෘෂිකාර්මික වටිනාකම් දාම මුල්‍ය කරණය වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතිය – අමෙරිකානු ඩොලර් මිලියන 100
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.



