ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිහිටුවීම සඳහාද,එහි බලතල යුතුකම් සහ කාර්යභාරයන් සම්බන්ධයෙන්,විධිවිධාන සැලැස්වීම සඳහාද ඊට සම්බන්ධ හෝ ඒ හා ආනුශාංගික කරුණු සඳහාද වූ පනත ලෙස පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අජිත් පී පෙරේරා විසින් මෙම පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත භාරදී තිබේ.
මීට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චිත්රසිරි කමිටු වාර්තාවද පාදක කර ගනිමින් මෙම පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත සකස් කර ඇති බව සඳහන්.



